විනිසුරු-මහේස්ත්‍රාත්වරු 70 කගේ තැන් මාරු වෙයි - Sinhala news Box
ad code here

Monday, November 26, 2018

විනිසුරු-මහේස්ත්‍රාත්වරු 70 කගේ තැන් මාරු වෙයි

වාර්ෂික ස්ථාන මාරුවීම්වලට අනුව දිසා විනිසුරුවරුන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරින් 70 ට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථානමාරුවීම් ලබා දී තිබේ.

ලබන වසරේ ජනවාරි මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබා දි ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය.

දිවයින පුරා ආවරණය වන පරිදි පවතින පුරප්පාඩු ද සැලකිල්ලට ගනිමින් මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති අතර අදාළ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට ද අවස්ථාව ලබා දී තිබේ.


ඒ අනුව දෙසැම්බර් මස 07 වන දිනට පෙර අභියචනා ඉදිරිපත් කිරීම සිදුකළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය.

No comments:

Post a Comment