රුපියල් ලක්ෂ 30 කට අධික වටිනාකමකින් යුතු මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස කුවේටය වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් සහ කුවේට් ජාතික ගුවන් මගියෙකු ඊයේ (26) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
විවාහක යුවළක් වන මොවුන් දෙදෙනාගෙන් කාන්තාව මාතලේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර , ස්වාමිපුරුෂයා කුවේට් ජාතිකයෙකි .
මොවුන් ඊයේ රාත්‍රී 6.15 ට කුවේට් බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
විවිධ ගමනාන්ත කරා පිටත්ව යන ගුවන් මගීන්ගේ සියලු ගමන් මලු ස්කෑන් පරීක්ෂණයකට ලක් කරන ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්,ඔවුන්ගේ මෙම පරීක්ෂණයේ දී , මොවුන් දෙදෙනාගේ ගමන් මලු තුල සඟවා ගෙන තිබූ මුදල් තොගය අනාවරණය කරගෙන තිබේ .
පසුව මෙම මුදල් තොගය සහ මෙම යුවළ රේගු නිලධාරීන් වෙත භාර දී ඇති අතර , එහිදී ඔවුන්ගේ ගමන් මලු තුළ තිබී ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 30 ක මුදලක් සහ කුවේට් ඩිනාර් 2,410 ක මුදලක් ද රේගු නිලධාරීන් සොයාගෙන ඇත.
ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ස්ටැන්ලි සේනාරත්න මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපොළ වැඩබලන රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජාබීර් මහතාගේ අධීක්ෂණය යටතේ , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන එස්.පී.කිරිවත්තුඩුව තජිත් සිල්වා , රේගු අධිකාරීවරුන් වන කේ.එල්.ඩී.මල්විට , පී.එම්.එස්. උදයකාන්ත , සහකාර රේගු අධිකාරීවරුන් වන සදුන් බටගොඩ , ඩී.ඩී.ඒ.මධුසංඛ , එම්.යූ.පී.පෙරේරා ,ඉම් රාන් යූෂුප් , ටී.ඩී.එස්.එල්. සුමනරත්න , අයි.ඒ.නාගහවත්ත යන මහත්වරුන් සහ බී.එස්.ජතුනාරච්චි මහත්මිය විසින් මෙම අත් අඩංගුවට ගැනිම් සහ ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති.
Monday, November 26, 2018
Home
Unlabelled
ලක්ෂ 30ක් කුවේට් ගෙනියන්න ගිය යුවලක් කොටු වෙයි
ලක්ෂ 30ක් කුවේට් ගෙනියන්න ගිය යුවලක් කොටු වෙයි
About Sinhala Storys
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment