Sinhala news Box

Sinhala news Box

ad code here

Breaking

Monday, November 26, 2018

විනිසුරු-මහේස්ත්‍රාත්වරු 70 කගේ තැන් මාරු වෙයි

November 26, 2018 0
විනිසුරු-මහේස්ත්‍රාත්වරු 70 කගේ තැන් මාරු වෙයි
වාර්ෂික ස්ථාන මාරුවීම්වලට අනුව දිසා විනිසුරුවරුන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරින් 70 ට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථානමාරුවීම් ලබා දී තිබේ.

ලබන වසරේ ජනවාරි මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබා දි ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය.

දිවයින පුරා ආවරණය වන පරිදි පවතින පුරප්පාඩු ද සැලකිල්ලට ගනිමින් මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති අතර අදාළ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට ද අවස්ථාව ලබා දී තිබේ.

ලක්ෂ 30ක් කුවේට් ගෙනියන්න ගිය යුවලක් කොටු වෙයි

November 26, 2018 0
ලක්ෂ 30ක් කුවේට් ගෙනියන්න ගිය යුවලක් කොටු වෙයි
රුපියල් ලක්ෂ 30 කට අධික වටිනාකමකින් යුතු මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස කුවේටය වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් සහ කුවේට් ජාතික ගුවන් මගියෙකු ඊයේ (26) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

විවාහක යුවළක් වන මොවුන් දෙදෙනාගෙන් කාන්තාව මාතලේ  ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර , ස්වාමිපුරුෂයා කුවේට් ජාතිකයෙකි .

මොවුන් ඊයේ රාත්‍රී 6.15 ට කුවේට් බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

පාසල් සිසුවා ඝාතනය කළ තුන්වන සැකකරුත් අල්ලයි

November 26, 2018 0
පාසල් සිසුවා ඝාතනය කළ තුන්වන සැකකරුත් අල්ලයි
මාතර, ඇලවේල්ල ප්‍රදේශයේ දී පසුගිය දා පාසල් සිසුවෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමට අදාළ තවත් සැකකරුවෙක් අද(27) උදෑසන 6.20ට පමණ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

පසුගිය නොවැම්බර් මස 24 වන දින මෙම ඝාතනය සිදුව තිබුණේය.

මාතර කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 17 ක් වු වල්ගම, මාතර ලිපිනයේ පදිංචි සුනුරු විමුක්ති ජයවීර නැමති තරුණයෙකි.

මෙම සැකකරු ඝාතනය සඳහා පැමිණි යතුරු පැදිය පැදවු අය බවට පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.