පාසල් සිසුවා ඝාතනය කළ තුන්වන සැකකරුත් අල්ලයි - Sinhala news Box
ad code here

Monday, November 26, 2018

පාසල් සිසුවා ඝාතනය කළ තුන්වන සැකකරුත් අල්ලයි

මාතර, ඇලවේල්ල ප්‍රදේශයේ දී පසුගිය දා පාසල් සිසුවෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමට අදාළ තවත් සැකකරුවෙක් අද(27) උදෑසන 6.20ට පමණ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

පසුගිය නොවැම්බර් මස 24 වන දින මෙම ඝාතනය සිදුව තිබුණේය.

මාතර කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 17 ක් වු වල්ගම, මාතර ලිපිනයේ පදිංචි සුනුරු විමුක්ති ජයවීර නැමති තරුණයෙකි.

මෙම සැකකරු ඝාතනය සඳහා පැමිණි යතුරු පැදිය පැදවු අය බවට පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.


සැකකරු අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මාතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මේ අතර, මාතර-ඇළවේල්ල ප්‍රදේශයේදි පිහියකින් ඇන සිසුවෙකු ඝාතනය කළ ප්‍රධාන සැකකරු දෙසැම්බර් 03 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ පිහි ඇනුම සිදු කළ ප්‍රධාන සැකකරුවන 17ත් හැවිරිදි මාතුන් කන්කානම්ගේ සිතිජ සෞදර්ය යන සිසුවායි.

ඔහු ඊයේ(26) මාතර අත්රේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී ඇති අතර ඉන් අනතතුරුව රක්ෂීත බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

එමෙන්ම මෙම ඝාතනයට සම්බනධ තවත් සැකකරුවෙකු ඊයේ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කර්යාලයට ගොස් බාර වි ඇති අතර එම අවස්ථාවෙදි ඔහුවද පොලිසි විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 17 හැවිරිද තුෂාන් නිම්නජිත් දිසානායක නම් සිසුවායි.

පසුගිය 24වනදා මාතර ඇළවේල්ල හරස් මාර්ගයේදී පෞද්ගලික උපකාරක පංතියකට යමින් සිටි පාසල් සිසුන් පිරිසකට තවත් පාසල් සිසුන් පිරිසක්  කළ පහරදීමක් අතරතුර පිහි ඇණුමකට ලක් වූ 19 හැවිරිදි සිසුවෙකු ජීවිතක්ෂයට පත් විය.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ ඉගෙනුම ලැබූ රවිඳු ගිම්හාන් නැමති සිසුවෙක්.

No comments:

Post a Comment